මිල ඉහළ යාම නවත්තන්න බිත්තරයට පාලන මිලක් ..?

Sri Lanka Consumer Protection Egg Ministry of Consumer Affairs Authority
By Piyumika Oct 08, 2024 02:52 AM GMT
Piyumika

Piyumika

Report

වෙළෙඳපොළේ යළිත් වරක් ඉහළ යමින් පවතින බිත්තර මිල පාලනය කිරීමට රජය විසින් පාලන මිලක් පැනවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය පවසනවා.

ජපන් යන්න සිහින දකින ඔයා මේ ගැන දැනුවත්ද..

ජපන් යන්න සිහින දකින ඔයා මේ ගැන දැනුවත්ද..

එසේ නොමැති වුවහොත් යළිත් වරක් පාලනයකින් තොරව බිත්තර මිල ඉහළ යා හැකි බවයි එම අධිකාරිය සදහන් කළේ.

පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල යළිත් රුපියල් 40 ඉක්මවා ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණය ගැන සිසිර ජයකොඩි හදිසියේ ගත් තීරණය ...

පාර්ලිමේන්තු මැතිවරණය ගැන සිසිර ජයකොඩි හදිසියේ ගත් තීරණය ...

ඒ, මෙරට බිත්තර නිෂ්පාදනය උපරිම මට්ටමක පවතින පසුබිමක වන අතර බිත්තර නිෂ්පාදකයින් පවසන්නේ අතරමැදියන් බිත්තර ගබඩාකර තබා ගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.