සභාපති ධුරයකින් ඇමති බිමල් රත්නායක ඉල්ලා අස්වෙයි

Report

පෞද්ගලික හේතු මත ශ්‍රී ලංකා-පලස්තීන මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිලුමුදා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉල්ලා අස්වී ඇති බව සංගමය නිවේදනය කර ඇත.

ඊයේ (25) සවස පැවති සංගමයේ මහා සභා රැස්වීමේදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.

සංගමයේ ආරම්භයේ සිටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි සභාපති ධුරය දරූ අතර, ඉමිටියාස් ෆකීර් මාකාර්, අතවුත සෙනෙවිරත්න මහත්වරු ඇතුළු තවත් බොහෝ පුද්ගලයින් එම ධුරය හෙබා ඇත.

මෙම ඉල්ලා අස්වීම සංගමයේ ක්‍රියාකාරකම්වලට බලපෑමක් ඇති කළ හැකි අතර, නව සභාපතිවරයක පත්වීම බලාපොරොත්තු වේ. 

නීතිඥයන්ගේ මෝටර් රථ ස්ටිකර් ඉවත්කිරීමට බලපෑම් - නීතිඥ සංගමයේ දැඩි විරෝධය

නීතිඥයන්ගේ මෝටර් රථ ස්ටිකර් ඉවත්කිරීමට බලපෑම් - නීතිඥ සංගමයේ දැඩි විරෝධය

මේ ලග්න හිමි ඔබට ගමෙන් පිටත රැකියාවලදී වැඩි වාසි - දැන්ම ඔයාගේ ලග්න ගැන දැනගන්න

මේ ලග්න හිමි ඔබට ගමෙන් පිටත රැකියාවලදී වැඩි වාසි - දැන්ම ඔයාගේ ලග්න ගැන දැනගන්න