උණුසුම් පිළිගැනීම් මැද පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Report

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන T20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (05) දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඒ අනුව තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය ලබන 7,8,9 සහ 11 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට නියමිතයි.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම අද සවස 5.15 ට පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එසේම ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව කටුනායක ගුවන් තොටුපොළ තුළ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.

දැඩි කනස්සල්ලක් ඇති කරමින් IPL විකාශනය මේ රටේ තහනම් - ශ්‍රී ලංකාවෙනුත් ඉල්ලීමක්

දැඩි කනස්සල්ලක් ඇති කරමින් IPL විකාශනය මේ රටේ තහනම් - ශ්‍රී ලංකාවෙනුත් ඉල්ලීමක්

IPL බංග්ලාදේශයේ බ්ලෙක් අවුට් - විකාශනය නැවැත්වීමටත් රජය සූදානම්

IPL බංග්ලාදේශයේ බ්ලෙක් අවුට් - විකාශනය නැවැත්වීමටත් රජය සූදානම්