IPL බංග්ලාදේශයේ බ්ලෙක් අවුට් - විකාශනය නැවැත්වීමටත් රජය සූදානම්
බංග්ලාදේශ අන්තර්කාලීන රජය විසින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට (BCB) දැඩි උපදෙස් ලබා දී ඇත්තේ, 2026 T20 ලෝක කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දියාවේ පැවැත්වෙන සියලු තරඟ ඉන්දියාවෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස ICC වෙත ඉල්ලීමක් කරන බවයි.
ඉකුත් 3වැනිදා සමාජ මාධ්‍ය හරහා නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසිෆ් මහමුද් නස්රුල් මෙම තොරතුරු තහවුරු කළේය. විකල්ප ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යෝජනා කරන ලෙසද රජය විසින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට නියෝග කර ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟ බංග්ලාදේශය තුළ විකාශනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට බංග්ලාදේශ රජය සූදානම් වෙමින් සිටින බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.
මෙම තීරණයට ප්‍රධාන හේතුව වන්නේ, කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් සිය සංචිතයෙන් ඉවත් කිරීමයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් මත සිදු වූ මෙම ඉවත් කිරීම පිටුපස බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එල්ල වූ ප්‍රහාර පිළිබඳ ඉන්දියාව තුළ ඇති වූ දැඩි විරෝධය බලපෑ ඇති බව වාර්තා වේ.