"ඊශ්‍රායලය මනුෂ්‍යත්වයට ශාපයක්.. පිළිකාවක්" - සාම සාකච්ඡා ඇවිලෙන ලකුණු
අමෙරිකා - ඉරාන සටන් විරාමයක් පවතින අතරතුර ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් විසින් ඊශ්‍රායලයට දැඩි විවේචන එල්ල කර තිබේ.
ඔහු සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඊශ්‍රායලය “මනුෂ්‍යත්වයට ශාපයක්” ලෙසද, එරට ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සටහනේදී ඔහු ඊශ්‍රායලය විසින් ගාසා තීරය, ඉරානය සහ දැන් ලෙබනනය තුළ අහිංසක පුරවැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවද සඳහන් කර ඇතැයි වාර්තා වේ. පසුව ඔහුගේ ප්‍රකාශය දැඩි වාද විවාද මධ්‍යයේ ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් එම ප්‍රකාශය “අතිශයින් පිළිකුල් සහගත” බව සඳහන් කර ඇති අතර, ඊශ්‍රායලය විනාශ කළ යුතු බවට කළ ප්‍රකාශ කිසිසේත් ඉවසිය නොහැකි බවද ඔහුගේ කාර්යාලය X ඔස්සේ ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රකාශ හුවමාරුව හේතුවෙන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ආතතිය තවදුරටත් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.