ඉන්ධන මිල වැඩි රුපියල් ගණනකින් පහළට - නව අගයන් මෙන්න
දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳින පාකිස්තානයේ ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා සුවිශේෂී පියවරක් ගෙන තිබේ.
ඒ අනුව පැට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 74 කින් සහ ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 67 කින් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුරු විභාගය ලියලා ඇඟිලි ගැනපු අයට සුභ ආරංචියක් - පිළිතුරු පත්‍ර ඇගයීමෙන් පසු ප්‍රායෝගික පරික්ෂණ හා බඳවා ගැනීම් කඩිනමින්
අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කරන ලද නිල නිවේදනයකට අනුව නව මිල සංශෝධනයත් සමඟ මෙතෙක් රුපියල් 373 ක්ව පැවති පැට්‍රල් ලීටරයක නව මිල රුපියල් 299 ක් දක්වා අඩු වන අතර රුපියල් 378 ක්ව පැවති ඩීසල් ලීටරයක මිල රුපියල් 311 ක් දක්වා පහත වැටෙනු ඇත.
අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතාගේ සෘජු මැදිහත් වීමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් විශේෂ අවබෝධතා ගිවිසුමට අනුව යුද ගැටුම සාර්ථකව අවසන් වීමත් මෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර වෙළඳාම සඳහා යළි විවෘත වීමත් සමඟ පාකිස්තාන රජය මෙම තීරණය ගෙන තිබේ.
මීට පෙර පාකිස්තානය එරට ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ දැමීමට පියවර ගත්තේ ද ඇමෙරිකන් ඉරාන යුද අර්බුදය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගැනීමත් සමඟය.
තමන් ජනතාවට දුන් පොරොන්දු දේව ආශිර්වාදයෙන් යුතුව ඉටු කරමින් සිටින බවත් හැකි පළමු අවස්ථාවේම ඉහළ දැමූ ඉන්ධන මිල අඩු කරන බවට තමන් කළ ප්‍රකාශය දැන් ඉටු කර ඇති බවත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පැවසීය.
පවතින දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ රටේ සමස්ත ජනතාව මුහුණ දෙන දැඩි පීඩාවන් පිළිබඳව රජයට මැනවින් වැටහුණු බවත් ඒ අසීරු කාලයේ රජය කෙරෙහි දැඩි විශ්වාසය තබා ඉවසීමකින් කටයුතු කළ සමස්ත ජනතාවට තමන්ගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.