පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර්ට ජීවිත කාලයටම ලැබෙන අලුත් බලතල

Report

පකිස්ථාන පාර්ලිමේන්තුව විසින් හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් ​​මුනීර් හට නව බලතල සහ ජීවිත කාලය පුරාම අත්අඩංගුවට ගැනීමෙන් සහ නඩු පැවරීමෙන් නිදහස් වීමේ මුක්තිය ලබා දීමට ඡන්දය ප්‍රකාශ කර තිබේ .

නමුත් විචාරකයන් සදහන් කරන්නේ ඉන් රට ඒකාධිපති පාලනයකට ගෙන යා හැකි බවයි.

තවද ඉකුත් බ්‍රහස්පතින්දා අත්සන් කරන ලද 27 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ඉහළම අධිකරණය ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි ද වෙනස්කම් සිදු කිරීමට නියමිතයි. 

ඒවා සන්නද්ධ හමුදාවන්ට පැහැදිලි බවක් සහ පරිපාලන ව්‍යුහයක් සපයන බවත් අධිකරණවල ඇති නඩු ප්‍රමාදය අඩු කිරීමට ද උපකාර වන වගත් මෙම සංශෝධනවලට පක්ෂපාතී පිරිස් ප්‍රකාශ කර තිබේ.

පිලිපීනයේ බිලියන ගණනක ගංවතුර වංචාව - අමාත්‍යවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

පිලිපීනයේ බිලියන ගණනක ගංවතුර වංචාව - අමාත්‍යවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

පකිස්ථාන හමුදාව දීර්ඝ කාලයක පටන් න්‍යෂ්ටික බලයෙන් යුත් පකිස්ථාන දේශපාලනයේ ප්‍රධාන බලවේගයක් වී ඇත.

ඒ වගේම ඇතැම් විට කුමන්ත්‍රණ හරහා බලය ලබා ගැනීම සහ තවත් විටෙක තිරය පිටුපස සිට විවිධ සිදුවීම්වලට බලපෑම් කිරීමට කටයුතු කරනු ලබයි.

තවද මෙරට ඉතිහාසය පුරාම, පකිස්ථානය සිවිල් ස්වයං පාලනයේ සිට ජෙනරාල් පර්වේස් මුෂාරෆ් මෙන්ම ජෙනරාල් සියා-උල්-හක් වැනි හමුදා නායකයින් යටතේ විවෘත පාලනය දක්වා ගමන් කර තිබේ.

විශ්ලේෂකයින් මෙම සිවිල් සහ හමුදා බල මිශ්‍රණය "දෙමුහුන් පාලනය" ලෙස හඳුන්වයි. සමහරු මෙම සංශෝධනය මෙම තුලනය හමුදාවට පක්ෂව වෙනස් වන ලකුණක් ලෙස සලකයි. "මට නම්, මෙම සංශෝධනය පකිස්ථානය දෙමුහුන් පද්ධතියකින් ඔබ්බට ගමන් කරන බවට මෙතෙක් ඇති පැහැදිලිම ලකුණයි," 

වොෂින්ටනයේ විල්සන් මධ්‍යස්ථානයේ දකුණු ආසියානු ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මයිකල් කුගල්මන් පවසයි. 

එක්කෙනෙක් කරාට හැමෝම වැරදි නෑ ලංකාව හොද රටක් හැමෝටම ස්තූතියි අතවරයට ලක් වූ විදෙස් තරුණිය කතා කරයි

එක්කෙනෙක් කරාට හැමෝම වැරදි නෑ ලංකාව හොද රටක් හැමෝටම ස්තූතියි අතවරයට ලක් වූ විදෙස් තරුණිය කතා කරයි