අතුරුදහන් වූයේ මොනවාද කියා පැවසීමටත් නිලධාරීන් අපොහොසත් වුන ජාතික කලාභවනේ තිබූ සිතුවම් වලට මොකක්ද උනේ..

Report

ජාතික කලාභවනේ තිබූ වසර 100 කට ආසන්න කාලයක් පැරණි සිතුවම් 14 ක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ.සී.ජී.එස්. අමරසේකර, ඩී.පී.ජී. ජයදේව, ග්‍රේස් ආදී ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් විසින් සිතුවම් කරන ලද චිත්‍ර මෙලෙස අතුරුදන්වී තිබෙන බව ජාතික කලාභවනේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි .

චීවරධාරියෙකු යකදුරාට ගෙනෙහින් නිධන් ගන්න ගිය හතරක් මාට්ටු..

චීවරධාරියෙකු යකදුරාට ගෙනෙහින් නිධන් ගන්න ගිය හතරක් මාට්ටු..

ජාතික කලාභවනේ නඩත්තු කටයුතු සිදුකෙරෙන බැවින් එහි සිතුවම් තාවකාලිකව ගලවා ඉවත් කර ඇති අතර එහිදී මෙම සිතුවම් අතුරුදන් වී ඇති බවයි සදහන් වනුයේ .

මෙම සිතුවම් අතුරුදන්වීම සම්බන්ධව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධනගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ඉකුත් 2008 සහ 2016 යන වර්ෂ අතරතුර කාලයේදී මෙම සිතුවම් අතුරුදන්වී තිබෙන බවත්, ඒ සම්බන්ධව පොලිසිය විසින් පරීක්ෂණයක් සිදුකරන බවත්ය.

බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා පොළවේ ගසමින් ආගම් වලට නිගා කල තරුණයාට උන දේ..

බුද්ධ ප්‍රතිමා සහ දේව ප්‍රතිමා පොළවේ ගසමින් ආගම් වලට නිගා කල තරුණයාට උන දේ..

මෙම සිතුවම් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් ජාතික කලා භවනේ ස්ථාන භාර නිලධාරිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි .

මෙම චිත්‍රවලට අදාළ ලේඛනයක් හෝ අදාළ සිතුවම් මොනවාද යන කාරණා සම්බන්ධව ජාතික කලා භවනේ නිලධාරීන් සතුව තොරතුරු කිසිවක් නොමැති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි .