පද්මෙගෙ අයිස් නිෂ්පාදනාගාරයේ වැඩ කරන්න සේවකයෝ රටින් ගෙනත් - වැදගත් කරුණු රැසක් එළියට

Report

පසුගියදා මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කරන කෙහෙල්බද්දර පත්මේ නැවත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ නුවඑළිය ප්‍රදේශයේ අයිස් නිෂ්පාදනාගාරයක් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට තුළ පවත්වාගෙන ගිය බව කියන මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයයේ සේවය කිරීම සඳහා පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

අද (04) පෙරවරුවේ කුරුඳුවත්ත නව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අදාළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කළේය.

"දීර්ඝ කාලයක් මේ රටේ අපරාධ සංස්කෘතියක් වර්ධනය වෙලා තිබුණා.ඒ සංස්කෘතිය තුළ නිර්මාණය වූ ක්‍රියාකාරකම් තමා මෑතකදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මගින් හෙළිවෙලා තියෙන්නේ. මේ වෙද්දී මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා පාකිස්තානු ජාතිකයින් ගෙන්වාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.

ගංජා ගහලා බස් එක එළවලා - මිනිස්සුන්ගේ ජිවිතේ ගැන වගේ වගක් නෑ

ගංජා ගහලා බස් එක එළවලා - මිනිස්සුන්ගේ ජිවිතේ ගැන වගේ වගක් නෑ

අත්අඩංගුවට ගත්ත අපරාධ කල්ලි සාමාජිකයින් යම් යම් අනාවරණයක් සිදුකරමින් තිබෙනවා දේශපාලනඥයින් ඔවුන් හදා වඩාගෙන ඔවුන් හා සබඳතා පවත්වමින් ඔවුන්ගේ කාර්යයන් ඉටුකරගත් ආකාරය ගැන. මේ තොරතුරු පිළිබඳව ඉදිරියේදී ගැඹුරු සහ විදිමත් විමර්ශන හරහා සනාථ කරගත යුතු නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන ගැඹුරින් සිදුකරමින් පවතිනවා."

මේ අතර කෙහෙල්බද්දර පද්මේ විසින් අදාළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් යොදවා ඇති බවත්, ඊට නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ලබාගෙ ඇති බවටත් තොරතුරු හෙළිවී තිබේ. තවද ඒ සඳහා අවශ්‍ය කරනු ලබන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,000ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත් වාර්තා වෙයි.

හැමදාම ප්‍රශ්නයක් වුනහම මගේ වැරැද්ද කෙලවුණහම මට කියන්නේ ඩඩ්ලිට මළ පනී

හැමදාම ප්‍රශ්නයක් වුනහම මගේ වැරැද්ද කෙලවුණහම මට කියන්නේ ඩඩ්ලිට මළ පනී