ගංජා ගහලා බස් එක එළවලා - මිනිස්සුන්ගේ ජිවිතේ ගැන වගේ වගක් නෑ
අද (04) දින බේරුවල නගරයේ බස්රථ රියදුරන් සඳහා දැනුවත් කිරීමේ මෙහෙයුමක් බේරුවල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදු කර ඇත.
එම මෙහෙයුමේදී අලුත්ගම - කළුතර පෞද්ගලික බස් රථ රියදුරකු පිලිබදව ඇති වූ සැකයක් මත රියදුරු පොලිස් භාරයට ගෙන පරීක්ෂා කර තිබේ.
පසුව රියදුරු කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමේදී ගංජා පානය කර ඇති බවට සනාථ වූ අතර රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.
රියදුරු වයස අවුරුදු 41ක පුද්ගලයෙකු වන අතර වෛද්‍ය වාර්තා මගින් කලක පටන් ගංජා පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව සොයාගෙන ඇත.
රියදුරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බවත් බේරුවල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන වන බවත් වාර්තා වේ.