දිට්වා නිසා හලාවත මහ රෝහලට රු.මි. 1200කට වැඩි හානියක්

Report

හලාවත මහ රෝහල ජලගැලීමෙන් විශාල හානියකට ලක්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

ඔහු මේ බව රෝහලේ ඊයේ (12) සිදු වූ නිරීක්ෂණ චාරිකාවකදී ප්‍රකාශ කළ අතර, රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර සේවා සඳහාම රුපියල් මිලියන 1,200කට ආසන්න වියදමක් වැය විය හැකි බවත් පවසන ලදි.

සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දීමනාවක් - අතට ලැබෙන ගාන මෙන්න

සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දීමනාවක් - අතට ලැබෙන ගාන මෙන්න

එමෙන්ම, රෝහලේ ඉදිකරමින් පවතින වාට්ටු සංකීර්ණය ලබන වසරේ නොවැම්බර් වනවිට අවසන් කිරීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළ අතර, හදිසි අනතුරු හා ප්‍රතිකාර ගොඩනැගිලි සංකීර්ණය වසර 2ක් තුළ කඩිනමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද වැඩි දුරටත් පැවසීය.

මෙම ඉදිකිරීම් කඩිනම් කිරීමෙන් රෝහල පැවති මට්ටමට වඩා උසස් තත්ත්වයකට රැගෙන යා හැකි වනු ඇත.

හලාවත නගර මධ්‍යයේ අක්කර 7.5ක් පළල භූමි ප්‍රදේශයක පිහිටි මෙම රෝහල පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රජයේ රෝහල වන අතර, දහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සේවය කරයි. එහි ඇදන්ධ ධාරිතාව 645කට අධිකය.

ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි

ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි