හෙට දිනයේ කාලගුණය උඩු යටිකුරු වෙයි - මේ ප්‍රදේශවල ජනතාව ප්‍රවේශමෙන්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි හෙට (17) දිනයේ සිට ඉදිරි දිනවල උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව දැනුම් දී තිබේ.

උතුරු උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුද්ගලයින් 817කට මරණීය දණ්ඩනය - බන්ධනාගාරයෙන් වාර්තාවක් එළියට

පුද්ගලයින් 817කට මරණීය දණ්ඩනය - බන්ධනාගාරයෙන් වාර්තාවක් එළියට

එමෙන්ම මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි බව මෙම නිවේදනයේ සඳහන්.

මීට අමතරව් සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙයි.

සා.පෙළ ලියන සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ අයගෙ ප්‍රතිඵල නිකුත් කරන්නේ විමර්ශනයකින් පස්සේ

සා.පෙළ ලියන සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ අයගෙ ප්‍රතිඵල නිකුත් කරන්නේ විමර්ශනයකින් පස්සේ

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.