පුද්ගලයින් 817කට මරණීය දණ්ඩනය - බන්ධනාගාරයෙන් වාර්තාවක් එළියට
අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යංශය සඳහන් කරන්නේ මරණීය දණ්ඩනය හිමි වූ දෙස් විදෙස් පුද්ගලයින් 817 දෙනෙකු බන්ධනාගාර ගතව සිටින බවයි.
2025 වර්ෂයට අදාළව ප්‍රගති වාර්තාවට අනුව එම වසරේ සැප්තැම්බර් මස 30 වනදා වනවිට මරණීය දණ්ඩනය නියමවූ දේශීය සිරකරුවන් සංඛ්‍යා 811ක් සිටින අතර ඊට පිරිමි පුද්ගලයින් 792ක් සහ කාන්තාවන් 19 දෙනෙකු ද ඇතුළත් වේ.
විදේශීය ජාතිකයින් පස් දෙනෙක් සහ ත්‍රස්ත වරදකට මරණීය දණ්ඩනය නියමවූ එක් අයෙක් ද බන්ධනාගාර ගතව සිටින බවත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වූ පුද්ගලයින් 311 දෙනෙකු බන්ධනාගාර ගත කර සිටින බවත් වාර්තා වේ.
ඉන් පුද්ගලයින් 70 දෙනෙකු විදේශීය ජාතිකයින් වන අතර ත්‍රස්ත වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති බව අදාළ ප්‍රගති වාර්තාවේ සඳහන් කර තිබේ.