ලක්ෂ 20ක මුදල් ත්‍යාගය ගත්තෙ කවුද?. රටම සෙවූ පුෂ්පරාජ් අත්අඩංගුවට ගැනේ..
ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සහාය වූ බවට සැක කෙරෙන අත්‍යාවශ වූ සැකකරු වන ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් කොළඹදී ඔහු අත්අඩංගුවට ගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ.
මේ අතර, මොහු සම්බන්ධයෙන්, නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට පොලිස් මූලස්ථානය මගින් රුපියල් ලක්ෂ විස්සක (2,000,000/=) ත්‍යාග මුදලක් පිරිනමනු ලබන බවද දැනුම්දෙනු ලැබීය.
තවද ඔහු සම්බන්ධයෙන් තොරතුර ලබා දෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව ද දැනුම් දෙනු ලැබුවා.