ලොව පුරා සිටින සියලුම දියවැඩියා රෝගීන්ට සතුටුදායක ආරංචියක්..

Report

සෛල ප්‍රතිකාරයක් තුළින් දියවැඩියා රෝගය සුව කිරීමේ නව ක්‍රමවේදයක් චීනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙන සතුටුදායක පුවතක් වාර්තා වනවා.

ෂැංහයි - චැංෂෙන්ග් සහ රෙන්ජි යන රෝහල්වල වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම වැඩි දියුණු කරන ලද සෛල ක්‍රමවේදය සොයාගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

රට පුරා ගම් 14000ක වැඩි ප්‍රමාණයක තවමත් නොවිසිඳුනු ගැටව මෙන්න.

රට පුරා ගම් 14000ක වැඩි ප්‍රමාණයක තවමත් නොවිසිඳුනු ගැටව මෙන්න.


සවුත් චයිනා මෝනිං පෝස්ට්හි වාර්තාවකට අනුව, තෝරාගත් දියවැඩියා රෝගියෙකුට 2021 වසරේ ජූලි මාසයේදී සෛල බද්ධ කිරීමක් සිදු කර ඇති අතර සති එකොළහක් ඇතුළත, ඔහුට ඉන්සියුලින් ලබාදීමක් අවශ්‍ය නොවූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සවුත් චයිනා මෝනිං පෝස්ට්හි වාර්තාවේ සඳහන් වන්නේ, ඔහු 2022 වසරේ සිට ක්‍රමයෙන් දියවැඩියා රෝගය සඳහා ලබාගන්නා ඖෂධ නවතා දමා ඇති අතර, මේවන විට එම රෝගියා ඉන්සියුලින් රහිතව ජිවත් වන බවයි.

ගුවන් යානයක් තුළ නිරුවතින් ඇවිද්ද පුද්ගලයෙක් නිසා ගුවන් සේවිකාවකට සිදු වූ දේ.(PHOTOS/VIDEO)

ගුවන් යානයක් තුළ නිරුවතින් ඇවිද්ද පුද්ගලයෙක් නිසා ගුවන් සේවිකාවකට සිදු වූ දේ.(PHOTOS/VIDEO)


දියවැඩියාව රෝගය පාලනය සඳහා වූ මෙම නව සෛල චිකිත්සාව සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරන බව, බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන තිමෝති කීෆර් මෙම අධ්‍යයනය අගය කරමින් කියා සිටියි.