රජයේ වැඩසටහනකට දැඩි විරෝධයක් - අධිකරණ ක්‍රියාමාර්ගයකටත් සැරසෙයි

Report

ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහනට සිය විරෝධය පළ කරන බව ඉලංගෙයි තමිල්අරසු කච්චි පක්ෂය ප්‍රකාශ කරයි.

ඒ අනුව එහි මාධ්‍ය ප්‍රකාශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් සඳහන් කරන්නේ, මෙය පක්ෂයක් මූලික කරගෙන සිදු කෙරෙන ක්‍රමවේදයක් බවයි.

එසේම ඔහු සඳහන් කළේ එය රාජ්‍ය යාන්ත්‍රණයට සමාන්තරව ක්‍රියාත්මක කෙරෙන බවත් එය වැරදි පූර්වාදර්ශයක් බවත් ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

තවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, ජනතා ඡන්දයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයින් විසින් සිදු කළ යුතු සංවර්ධන කටයුතු ප්‍රජා ශක්ති වැඩසටහන තුළින් සිදු කරමින් එම ආයතනවල කටයුතුවලට බාධා කරන බවයි.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඊට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළා.

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

පරීක්ෂණ ඉවර කරන්නත් කළින් පුච්චලාලු - චම්පික හෙළි කරපු රහස

පරීක්ෂණ ඉවර කරන්නත් කළින් පුච්චලාලු - චම්පික හෙළි කරපු රහස