හරිනි අමරසූරිය ධුරයෙන් ඉවතට? සජිත් දිලිත් මහපාරේ යකා නටයි
අද (10) පස්වරුවේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හා අධ්‍යාපන ඇමතිවරියට විරෝධය පළකරමින් ''නිදහස් අධ්‍යාපනය රැකගමු'' මැයෙන් විපක්ෂයේ පක්ෂ එක්ව විරෝධතාවයක් පැවැත්වීය.
මතුගම පිහිටි නිදහස් අධ්‍යාපනයේ පියා වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ පිළිරුව ඉදිරිපිටදී මෙම විරෝධතාවය සිදුවූ අතර එහිදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීමද සිදු විය.
ඉන් අනතුරුව සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා ඇතුළු පක්ෂ නායකයින් විසින් කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබීය.