ඔන්ලයින් වීසා ක්‍රමය යළිත් ඇරඹීමෙන් ගුවන්තොටුපළ පෝළිම් අඩුවේ...

Sri Lanka Airport Sri Lanka Tourism Sri Lanka visa Tourism Tourist Visa
By Parami Dissanayake Sep 27, 2024 02:57 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිටුවා තිබු '' මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර " (Online Visa) ලබා දීම යළි අද (27) දින අලුයම 12.00 පැයේ සිට ආරම්භ වුණි.

එබැවින්, අද දිනයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ලබා ගත යුතු ( On Arrivel Visa) වීසා බලපත්‍ර ලබා ගැනීම සදහා වූ පෝලිම බොහෝ සෙයින් අඩු වී තිබෙනවා.

ලබන 29 කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වැසේ...(PHOTO)

ලබන 29 කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වැසේ...(PHOTO)

එමෙන් ම, ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගැනීමට නොහැකි රටවල් 14 කට එම රටවැසියන් මෙරටට පැමිණීම සදහා මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ලබා ගැනීම හෝ එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ලබා ගැනීම සිදු කළ යුතු බව ද සඳහන් වේ.

ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්...

ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්...

කෙසේ වෙතත්, මේ තත්වය ශ්‍රී ලංකාවට යළිත් සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති වීමට බලපානු ඇත.

ඉදිරි මාස කීපය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කාළය (Tourist Season) උදා වීමට නියමිතය.

කෙසේ නමුත්, මෙම වසර තුළ දී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට බලාපොරොත්තු වන විදේශීය සංචාරකයන් සංඛ්‍යාව23 ලක්ෂයකි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%