ලොකු ලූනු බෙල්ලේ එල්ලන් ඇවිත් මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභාවේ යකා නටයි - උණුසුම් තත්ත්වයක්

Report

ලොකු ලූනුවලින් මල් මාලා දමාගෙන සටන් පාඨ කියමින් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ ඒකාබද්ධ මන්ත්‍රීවරුන් අද (12) දින මහා සභා රැස්වීමට සහභාගී වී ඇත.

එහිදී මහ සභා රැස්වීම් වාරයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ලොකු ලූනු සඳහා මිලක් නොමැති වීම, විනාශ වූ ලොකු ලූනු වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලීමත් සමඟින් වාද විවාද ඇතිවීමෙන් සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

අද දින මාසික මහ සභා රැස්වීම ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එම අවස්ථාවේදී විපක්ෂය නියෝජනය කරන කේ. ජී. සෝමතිලක, ප්‍රියරංජන කුමාර, නන්දන සෙනවිරත්න, ජගත් සේනානායක යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස සීගිරිය දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සිට ලොකු ලූනුවලින් සැකසූ මල් මාලා ගෙලේ දමා ගෙන ප්‍රාදේශීය සභා ගර්භයට පැමිණ සිටියා. එසේම “ගොවි පුතා රජ වුණා.

ඉස්සරහට ලූනු රු. 200ට - අල රු. 300ට කන්න වෙයි

ඉස්සරහට ලූනු රු. 200ට - අල රු. 300ට කන්න වෙයි

ගොවියාට කෙළ වුණා” යනුවෙන් සටන් පාඨ කියමින් ඔවුන් සභාවට පිවිසීමත් විශේෂත්ව‍යක් විය.

එම අවස්ථාවේදී විපක්ෂයේ සභිකයකු වූ නන්දන සෙනවිරත්න නැඟී සිටිමින් දේශීය ලොකු ලූනු සඳහා වර්තමාන සභාපතිවරයා ඇතුළු නාමල් කරුණාරත්න ඉකුත් කාලයේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටිමින් අරගල කර බව පැවසුවා.

එමෙන්ම ප්‍රශ්නය නිසි ලෙස හඳුනාගෙන ඇති පිරිස මෙවර ලොකු ලූනු ගොවියා අසරණ වන තුරු බලා සිටියේ මන්දැයි ඔහු දිගින් දිගටම ප්‍රශ්න කර සිටියා.

මංගල අයවැය නිසා ප්‍රාදේශීය සභා උණුසුම් වෙයි - සභිකයන් ළඟ ප්ලාස්ටික් පිස්තෝලයක්

මංගල අයවැය නිසා ප්‍රාදේශීය සභා උණුසුම් වෙයි - සභිකයන් ළඟ ප්ලාස්ටික් පිස්තෝලයක්

මේ අතර හිටපු සභාපති කේ.ජී සෝමතිලක විපක්ෂය නියෝජනය කරන ප්‍රිය රංජන කුමාර ඇතුළු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු දේශීය ලොකු ලුණු ගොවියා ආරක්‍ෂා නොකරන්නේ මන්දැයි යනුවෙන් කෑ ගසන්නට වූණා.

එසේම කුණු වී විනාස වී ගිය ලූනු ගොවීන්ට වන්දියක් ලබාදීමට රජයට යෝජනා කරන ලෙස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට යෝජනාවක් සම්මත කරගන්නා ලෙස විපක්ෂයේ සභිකයන් සභාපතිවරයාට කියා සිටියා.

කෙසේ වුවද ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා සමග එක්ව සාකච්ඡාවක් පවත්වා ඊට විසඳුමක් ලබා දෙන බවට සභාපතිවරයා එම අවස්ථාවේදී පොරොන්දු වී ඇත.

බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්

බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්