ජල ගැටලුවෙන් ගැටුමක් – තිදරු පියෙකු මිය යයි

Report

 හැටන්, රුවන්පුර මටුකැලේ ජනපදයේ දෙපිරිසක් අතර ඇතිවූ බරපතළ ගැටුමකින් තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ගැටුමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, බරපතළ තුවාල ලැබූ එක් අයෙකු මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

මියගිය අය වයස අවුරුදු 39ක රුවන්පුර ජනපදයේ මටුකැලේ වත්තේ පදිංචිකරුවෙකි. ඔහු තිදරු පියෙකි. අනෙක් තුවාලකරුවන් 5 දෙනා මේ වන විට දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

නීතිය සැමට එකසේ – පාතාලයට බිය නැහැ

නීතිය සැමට එකසේ – පාතාලයට බිය නැහැ

මියගිය පුද්ගලයාගේ සහෝදරයාද මෙම ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව සිටින බව පොලීසිය සඳහන් කළේය.

ජනපදයේ ජල නළ මගින් ලබාදෙන පානීය ජල ගැටළුවක් සම්බන්ධයෙන් ඉකුත් 24 වැනිදා සිටම දෙපිරිස අතර බහින්බස් වීම් කිහිපයක් ඇති වී තිබුණි.

එම බහින්බස් ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

කලාවට ඉමහත් සේවයක් කළ විශිෂ්ටයෙක් ජීවිතයෙන් සමු ගනී

කලාවට ඉමහත් සේවයක් කළ විශිෂ්ටයෙක් ජීවිතයෙන් සමු ගනී