කලාවට ඉමහත් සේවයක් කළ විශිෂ්ටයෙක් ජීවිතයෙන් සමු ගනී
ආචාර්ය ගාමිණී හත්තොටුවේගම විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ප්රමුඛ රංගන ශිල්පියෙකු වශයෙන් නාට්‍ය ජීවිතය ආරම්භ කළ නාට්‍යවේදී නිහාල් සුරංජි මහතා දිවි සැරියට සමු දී තිබෙනවා.
ඔහු සිංහලේ කංකාරිය, අරකාවිල හටන, ද්‍රෝහියා, ප්‍රොමීතියස් බන්ධනය පරිවර්තන නාට්‍ය ඇතුළු නාට්‍ය රැසක් නිර්මාණය කළ අතර විශේෂයෙන් ඈත පිටිසර දුෂ්කර පළාත්වල නාට්‍ය වැඩමුළු නොමිලේ පවත්වමින් මෙරට කලා ක්ෂේත්රයට විශාල නළු නිළියන් සංඛ්‍යාවක් එකතු කළ නාට්‍ය ගුරුවරයෙක් වනවා.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ නිහාල් සුරංජි මහතා වෘත්තියෙන් ග්‍රාම නිලධාරිවරයෙකු වශයෙන් කටයුතු කර ඇත.
එසේම දෙදරු පියෙක් වන ඔහු මිය යන විට 64 වන වියේ පසුවූ බව සඳහන්.
මේ අතර දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක හෙට (1) දින උදෑසන තැන්පත් කිරීමට නියමිතව ඇත.
එමෙන්ම අවසන් කටයුතු ලබන සදුදා පස්වරුවේ සිදු කෙරෙන බව දැනුම් දී ඇත.