තරුණයෙක්ට දිවි අහිමි කළ මාරක අනතුර

Report

තවලම අකුරැස්ස මාර්ගයේ, තවලම හන්දිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 17 හැවිරිදි තරුණයෙක් මියගොස් ඇත.

 අකුරැස්ස දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

 මෙම අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා හිනිදුම රෝහලට ඇතුළත් කර ඇත.

 ඉන්පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩුගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් තිබේ.

කොරළවැල්ල මුහුදු වෙරළේ සැකකටයුතු කාන්තා මළ සිරුරක්

කොරළවැල්ල මුහුදු වෙරළේ සැකකටයුතු කාන්තා මළ සිරුරක්

පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

  තවද හිනිදුම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අයහපත් කාලගුණයෙන් සාමාන්‍ය පෙළට බාධා? සිසුන්ට විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

අයහපත් කාලගුණයෙන් සාමාන්‍ය පෙළට බාධා? සිසුන්ට විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්