අයහපත් කාලගුණයෙන් සාමාන්‍ය පෙළට බාධා? සිසුන්ට විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්
අයහපත් කාලගුණය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට කිසිදු බලපෑමක් සිදු නොවන බව නිවේදනය කර ඇත. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් විභාගයට බාධා ඇති වූ බවට රටේ කිසිදු ප්‍රදේශයකින් වාර්තා වී නොමැති බව ඇය සඳහන් කළේය. හදිසි අවස්ථාවකදී සුදුසු පියවර ගැනීමට ආපදා කළමනාකරණ ආයතනය සහ ආරක්ෂක අංශ සූදානම් බවත් ඇය සඳහන් කළේය.
හදිසි අවස්ථාවක් හේතුවෙන් විභාග මධ්‍යස්ථානයට යාමට නොහැකි නම්, හදිසි කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකයට ඇමතිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.