ලොවම මවිත කළ , කම්පාකරවන භයානක අනාවරණයක්..

Sexual harassment UNICEF Child Abuse World
By Piyumika Oct 10, 2024 01:01 PM GMT
Piyumika

Piyumika

Report

අද ජීවතුන් අතර සිටින මිලියන 370 කට අධික ගැහැණු ළමයින් සහ කාන්තාවන්, නැතහොත් ලොව පුරා සිටින සෑම අට ​​දෙනෙකුගෙන්ම එක් අයෙකු වයස අවුරුදු 18 ට පෙර ස්ත්‍රී දූෂණ හෝ ලිංගික අතවරවලට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය ප්‍රකාශ කරනවා.

අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයන් පිරිසක් නාවික හමුදා භාරයට..

අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයන් පිරිසක් නාවික හමුදා භාරයට..

අන්තරජාලය හරහා හෝ වාචික අපයෝජනය වැනි ලිංගික හිංසනයේ "ස්පර්ශ නොවන" ආකාර සැලකිල්ලට ගන්නා විට එම සංඛ්‍යාව මිලියන 650 ක් හෝ පහෙන් එකක් දක්වා ඉහළ යන බවයි යුනිසෙෆ් වාර්තාව පවසන්නේ.

මෙම ගෝලීය සමීක්ෂණය පිළිබඳ අදහස් දක්වමින් ගැටලුව පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඔවුන් අවධාරණය කරනවා.

මවක් ගත්ත හදිසි තීරණයක් .. සිගිත්තියකගේ ජීවිතය අනු නවයෙන් බේරුණු හැටි ..

මවක් ගත්ත හදිසි තීරණයක් .. සිගිත්තියකගේ ජීවිතය අනු නවයෙන් බේරුණු හැටි ..

ලොව මවිත කළ මෙම වාර්තාව පවසන්නේ ගැහැණු ළමයින් සහ කාන්තාවන් ලිංගිකත්වය මත වඩාත් පීඩාවට පත්ව ඇති අතර පිරිමි ළමයින් සහ පිරිමින් ද මිලියන 240 සිට 310 දක්වාත් මේ ආකාරයට ළමා කාලය තුළ දූෂණයට හෝ ලිංගික අතවරවලට ලක්ව ඇති බවයි.

එනම් සැම පිරිමි ළමයින් 11 දෙනෙකුගෙන් 1 අයෙක් එලෙස පීඩාවට පත්ව ඇති බව සඳහන්. බොහෝ ළමා ලිංගික හිංසනයන් සිදුවන්නේ වයස අවුරුදු 14-17 අතර නව යොවුන් වියේ පසුවන දරුවන්ට බව ඔවුන් පවසනවා.

තවත් ලෝක ශූරක් පිටියෙන් සමුගනී ..

තවත් ලෝක ශූරක් පිටියෙන් සමුගනී ..

මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ පරිමාණය අතිමහත් වන අතර, දත්ත එකතු කිරීමේ සීමිත ආයෝජනය හේතුවෙන් සියළු තොරතුරු සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගැනීමට අපහසු වී ඇති බවයි යුනිසෙෆ් වාර්තාව නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සොයාගැනීම් ගෝලීය ක්‍රියාමාර්ගයක හදිසි අවශ්‍යතාවයක් පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය ප්‍රකාශ කරනවා.