තවත් ලෝක ශූරක් පිටියෙන් සමුගනී ..

By Piyumika Oct 10, 2024 10:36 AM GMT
Report

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22ක් සහ ඔලිම්පික් කේවල රන් පදක්කම් රැසක් දිනූ ලොව ප්‍රධාන පෙළේ ටෙනිස් ශූරයෙකුවන රෆායෙල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

නොවැම්බර් මස අගදී ස්පාඤ්ඤයේ මලගා හී පැවැත්වෙන ඩේවිස් කුසලාන අවසන් මහා තරගයෙන් පසු වෘත්තීය ටෙනිස් පිටියෙන් සමුගන්නා බවයි රෆායෙල් නඩාල් අද (10) නිවේදනය කළේ.

මවක් ගත්ත හදිසි තීරණයක් .. සිගිත්තියකගේ ජීවිතය අනු නවයෙන් බේරුණු හැටි ..

මවක් ගත්ත හදිසි තීරණයක් .. සිගිත්තියකගේ ජීවිතය අනු නවයෙන් බේරුණු හැටි ..

සිය සමුගැනීම සනිටුවන් කරමින් නඩාල්, සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ,

"මම වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නවා. යථාර්ථය නම් එය දුෂ්කර වසර කිහිපයකි, විශේෂයෙන් පසුගිය වසර දෙකයි, එය පැහැදිලිවම දුෂ්කර තීරණයක්, මට ගැනීමට යම් කාලයක් ගත විය. නමුත් මේ ජීවිතයේ සෑම දෙයකටම ආරම්භයක් සහ අවසානයක් ඇත." යනුවෙනි.