මාවනැල්ලේ බිහිසුණු අනතුරෙන් එක් අයෙක් මරුට - පොලීසි‍යෙන් විශේෂ දැනුවත්කිරීමක්

Report

මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ඊයේ දින (23) සිදුවු අනතුරෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව පොලිසිය සදහන් කළේ අනතුරෙන් තුවාල ලැබු වයස අවුරුදු දෙකහාමරක් පමණ වන ගැහැණු දරුවෙකු සහ තවත් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

මෙම අනතුර ඊයේ රාත්‍රී 9.20ට පමණ මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් මතට තලගොල්ල ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීමෙන් සිදුව තිබුණා.

එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ත්‍රීරෝද රථයේ සිරව සිටි අතර ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ඔවුන් මුදා ගැනීමට කටයුතු කර ඇත.

බිහිසුණු අනතුරක් - රඹුක්කනදී ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් වැටී අනතුරක්

බිහිසුණු අනතුරක් - රඹුක්කනදී ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් වැටී අනතුරක්

ඉන්පසු අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයන් මාවනැල්ල මුලික රෝහලට ඇතුළත් කළ අතර එහිදී ත්‍රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 37 ක් වූ පුද්ගලයෙකු වන බව ද සඳහන්.

මේ අතර අනතුරින් තුවාල ලැබු අවුරුදු දෙකහමාරක ගැහැණු දරුවෙකු, 48 හැවිරිදි කාන්තාවක් සහ 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මාවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වුණා.

කෙසේ වෙතත් පොලිසිය කියා ඇත්තේ ගස කඩා වැටීමෙන් ඒ අසල මාර්ගයේ නවතා තිබු ලොරි රථයකට සහ අසල වෙළෙදසැලකට ද හානි සිදුව තිබෙන බවයි.

කෙසේ වෙතත් ගස කඩා වැටීම හේතුවෙන් මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයෙන් මේ වන විට මාර්ගය අවහිර වී තිබීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා. 

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

මුළු රටටම විශේෂ නිවේදනයක් - කැළඹිලි තත්ත්වයක්

මුළු රටටම විශේෂ නිවේදනයක් - කැළඹිලි තත්ත්වයක්