අවුරුදු එකහමාරක සිගිත්තියකට දිවි අහිමි කල මාරක රිය අනතුර..
මීගමුව සිට මරදගහමුල දෙසට අධික වේගයෙන් පැමිණි ත්‍රීවීල් රථයක් විදුලි කණුවක ගැටී අනතුරක් සිදුවී ඇති බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය පැවසීය .
තාත්තා, දුව සමග නැන්දම්මා ත්‍රීවීල් රථයේ ගමන් කර ඇති අතර කඩවල ප්‍රදේශයේ දී රිය අනතුරින් පසු පියාගේ එක් පාදයක් කැඩී අවුරුදු එකහමාරක දරුවෙක් එම අවස්ථාවේදී මියගොස් ඇත.
අනතුරට ලක් වූ පවුල කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
අනතුරට ලක් වූ පියා මීගමුව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.