වතුයායේ ඇවිදමින් සිටි කුමරියකට අශ්ව ප්‍රහාරයක්..

Royal Family Buckingham Palace England World
By Piyumika Jun 25, 2024 03:54 AM GMT
Piyumika

Piyumika

Report

එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තයේ පිහිටි සිය වතුයායේදී අශ්වයකුගේ පහරක් වැදීමෙන් සුළු තුවාල ලැබූ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාළිගාව ප්‍රකාශ කර ඇත.

පාතලයේ ගිනි අවි වලට මොකක්ද මේ වෙන්න යන්නේ..

පාතලයේ ගිනි අවි වලට මොකක්ද මේ වෙන්න යන්නේ..

73 හැවිරිදි ඈන් කුමරිය තුවාල ලබා ඇත්තේ අශ්වයා විසින් පා පහරක් එල්ල කිරිමෙන් හෝ අශ්වයාගේ හිස වැදීමෙන් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන බව වාර්තා වේ.

සිය වතුයායේ ඇවිදමින් සිටියදී ඒ අසල සිටි අශ්වයකු විසින් එම පහරදීම සිදු කර ඇති අතර,එම සිදුවීමෙන් ඈන් කුමරිය කම්පනයට පත්වූ බවත්, මේ වන විට ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි .

නිවසක තනිව ජීවත් වූ අයෙක් කපාකොටා ඝාතනය කරලා..

නිවසක තනිව ජීවත් වූ අයෙක් කපාකොටා ඝාතනය කරලා..

ඈන් කුමරිය මේ මස අගභාගයේදී කැනඩාවේ සංචාරය කිරීමට නියමිතව සිටි බවත්, ඇය රෝහල්ගත කිරීම නිසා එම සංචාරය අවලංගු කර ඇති බවත් වාර්තා වේ.

මේ සතිය අවසන් වනතුරු ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇතැයි ද බකිංහැම් මාළිගාවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.