මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිට පිටම අත්වැරදීම් රැසක්..

Report

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයෙන් අනතුරුව පැවැත්වූ සාදයකදී සිදුවූ රඟ දැක්වීම කතෝලික දහමට අගෞරව කිරීමේ චේතනාවකින් සිදු නොකළ බව පැරිස් ඔලිම්පික් සංවිධායකයින් පවසා ඇත .

මොකක්ද මේ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ගැන ගන්න යන දැඩි තීරණය..(VIDEO)

මොකක්ද මේ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ගැන ගන්න යන දැඩි තීරණය..(VIDEO)

2024 පැරිස් ඔලිම්පික් මාධ්‍ය ප්‍රකාශිකා ඈන් ඩෙස්කැප්ස් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත්තේ එහිදී යම් වරදක් සිදුව ඇත්නම් සමාව අයැද සිටින බවයි.

අදාළ සාදයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේ සිටින අපෝස්තලුවරු හෙවත් ගෝලයින් ලෙස නිරූපිකාවන් සහ නර්තන ශිල්පීන් පෙනී සිටිමින් කළ රඟ දැක්වීම සම්බන්ධයෙන් අදාළ විරෝධතා එල්ල වී තිබුණි .

වෙනිසියුලාව තෙවෙනි වරටත් මදුරෝට..

වෙනිසියුලාව තෙවෙනි වරටත් මදුරෝට..

එමෙන්ම සමාරම්භක උත්සවයේදී දකුණු කොරියානු ක්‍රීඩකයින් උතුරු කොරියාව ලෙස හැඳින්වීම සම්බන්ධයෙන්ද ඔලිම්පික් සංවිධායකයින් සමාව ඇයදීමට මීට පෙර කටයුතු කළේය .

මේ අතරම, ඔලිම්පික් උළෙලේ පැසිපන්දු තරගයකදී දකුණු සුඩාන ජාතික ගීය වෙනුවට සුඩානයේ ජාතික ගීය වාදනය කිරීමක් සම්බන්ධයෙන්ද ඔලිම්පික් සංවිධායකයින් සමාව අයැද සිටි බව සඳහන් වේ.

මහත්මා ගාන්ධිගෙන් පසු එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දියානුවා..

මහත්මා ගාන්ධිගෙන් පසු එවැනි ගෞරවයක් ලැබූ දෙවැනි ඉන්දියානුවා..

එම අවස්ථාවේදී එහි රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ගේ ඝෝෂාවත් සමග සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය නවත්වා යළි දකුණු සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.