තෙල් ප්ලෑන් එක ෆේල්, ඊළඟට ඉල්ලන්නේ සුඩානයෙන්

Report

මෙරටට නයිජීරියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට තිබූ සැලසුම් නයිජීරියා බොරතෙල් ආනයන සීමා කිරීම් සහ පිරිපහදු කළ නිෂ්පාදන ගනුදෙනු වෙනුවෙන් පෙර ලියාපදිංචි වීමේ අවශ්‍යතා නිසා අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඩු මිලට ඛනිජ තෙල් නිෂ්පාදන ලබා ගැනීමේ උත්සාහයක් වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නයිජීරියාව සහ දකුණු සුඩානය වැනි තෙල් නිපදවන අප්‍රිකානු රටවල බලධාරීන් වෙත ලිපි යොමු කර තිබුණා.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

එසේ වුවද නයිජීරියානු නිෂ්පාදකයන් හා ගනුදෙනු කරන අදාළ සැපයුම්කරුවන් සමඟ පිරිපහදු කළ නිෂ්පාදන මිලදී ගැනීමට නම් පූර්ව ලියාපදිංචියක් අවශ්‍ය වන බව පවසයි. එහෙත් ඒ වෙනුවෙන් දිගු කාලයක් ගත වෙන බව සඳහන්.

මෙම තත්ත්වය නිසාවෙන් මේ මොහොතේ නයිජීරියාවෙන් තෙල් මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අපොහොසත් වී ඇති බව පවසයි.

එසේම දකුණු සුඩානය මෙම ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිචාර දක්වා ඇති බවත් සඳහන්.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

මේ අතර සුඩාන රජය ඉන්ධන මිලදී ගැනීම් සාකච්ඡා කිරීමට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරට සංචාරයක් සඳහා ආරාධනා කර තිබෙනවා.

එහෙත් එම සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැති බව පවසයි.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්