කථානායක බංගලාවේ ආහාර පානවලට විතරක් මාසෙකට ලක්ෂ තුනකට වැඩියි
කථානායක නිල නිවසේ වියදම්වලින් සියයට පනහක් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම වියදම්වලට ආහාර පාන ද ඇතුළත් වේ. ඒ අනුව පසුගිය කාලයේ නිල නිවසේ මාසික ආහාර පාන සඳහා රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් වියදම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
නිල නිවසේ පදිංචියට කථානායකවරයා නොපැමිණීමට තීරණය කර තිබුණ ද සති අන්තයේ පාර්ලිමේන්තුව වසා ඇති අවස්ථාවන්හි දී විදේශීය රාජ්‍ය ත්‍රාන්තික නිලධාරීන් හමුවන විට පමණක් නිල නිවසට පැමිණ එම කටයුතුවලට සහභාගී වන බව ආරංචි මාර්ග පවසයි.
එසේම කථානායකවරයා උපදෙස් දී ඇත්තේ නිල නිවසේ උද්‍යානයේ ගස් කොළ හා තණනිල්ල නඩත්තුව සඳහා නළ ජලය යොදා ගැනීම නවත්වන ලෙසයි.
මෙහි දී කථානායකවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ එම කටයුතුවලට නිල නිවස වටා පිහිටා ඇති ජලාශයේ ජලය පමණක් භාවිත කරන ලෙසයි.
එසේම ජලය ලබා ගැනීම සඳහා මෝටරය ක්‍රියාත්මක කිරීමට සූර්ය කෝෂ යොදා ගැනීමටත් ඔහු උපදෙස් දුන් බව සඳහන්.
ඒ අනුව මෙම දිනවල එම උපකරණ මිල දී ගැනීමට ක්‍රියා කරන බවටත් තොරතුරු වාර්තා වේ.
