අද දවස ගැහැණු දරුවන්ට විශේෂයි
අද දින එනම් ඔක්තෝම්බර් මස 11 වන දිනය ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී තිබෙනවා.
ලොව පුරා වෙසෙන සියලුම ගැහැණු දරුවන්ගේ හඬ අවධි කිරීම වෙනුවෙන් මෙම දිනය සමරනු ලබන බව සඳහන්.
ඒ අනුව ඒ සඳහා පැවැත්වෙන ජාතික උත්සවය ජාතික ළමා රක්ෂක අධිකාරීයේ මෙහෙයවීමෙන් කොළඹදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
එසේම මෙවර එහි තේමාව වන්නේ ''මම තමයි ගැහැණු ළමයා, මම තමයි මේ වෙනසට නායකත්වය දෙන්නේ, අර්බුදයේ පෙරමුණේ ඉන්න ගැහැණු ළමයි'' යන්නයි.
දැරිය යනුවෙන් සලකනු ලබන්නේ සමස්තයක් ලෙස ගත්කල විවාහ නොවූ සියලු ගැහැණු දරුවන් වේ.
කෙසේ වෙතත් දැරියන් නැතහොත් ගැහැණු දරුවන් පිළිබදව ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශ කිරීමට බලපෑ ඓතිහාසික කරුණු රැසක් ඇති බව වාර්තා වේ.
ඒ අතර ඈත අතීතයේ ගැහැණු දරුවන් ඉපදීම අශුද්ධ වස්තුවක් ලෙස සැලකීමත්, ඇතැම් රටවල ගැහැණු දරුවන් වැදුම්ගෙය තුළදීම මරා දැමීමට කටයුතු කළ බව පවසයි.
එනිසා ලොව සෑම රටකම ගැහැණු දරුවන් ට සිදු වන හිංසන තත්ත්වවලින් ඔවුන් වළක්වා ගැනීමේ අරමුණින් මෙසේ දැරියන් පිළිබද ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශ වූ බවටද තොරතුරු වාර්තා වේ.
සමාජයේ මූලාරම්භය සනිටුහන් කරන ජීවය පවත්වා ගෙන යන මාතෘත්වයට උරුමකම් කියන්නේත්, සමාජයේ දියණියක, සොයුරියක මෙන්ම බිරිඳක් වශයෙන් වගකීම් නොපිරිහෙලා ඉටු කරන්නේත් ගැහැණු දරුවෙකි.
එබැවින් ඔවුන්ව රැක ගැනිම්ම සතුටින් තැබීම අප සියලු දෙනාගේම යුතුකමකි.