කොළඹ යන අයට විශේෂ දැනුවත් කිරීමක්
කොළඹ නගරයේ මාර්ගවල වර්ණ සංඥා පද්ධතිවලින් සියයට හැත්තෑවක්ම දෝෂ සහිත වීම නිසා කොළඹ රථවාහන තදබදය උග්‍ර වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
ඒ අනුව රථවාහන හා මාර්ග ආරක්ෂක පොලිස් ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ වර්ණ සංඥා පද්ධතීන්වල සෙන්සර්ස් නොමැතිවීම හා අංකණයන් නොවීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
එමෙන්ම එම ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ උදෑසන සහ සවස කාර්යාල වේලාවන්වල මෙන්ම පාසල් අවසන් වන කාල සීමාවන්හි රථවාහන සංඥා පද්ධති ක්‍රියා විරහිත කිරීමට හා පොලිස් හස්ත සංඥාවලට අනුව රථවාහන පාලනය කිරීමට සිදුව තිබෙන බවයි.
තවද ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වර්ණ සංඥා පද්ධති නවීකරණය කිරීමට හා ස්වයංක්‍රීය අංකන ක්‍රියාත්මක කරලීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.
එමඟින් රථවාහන තදබදය පාලනය කරගැනීමේ හැකියාව පවතින බවද සඳහන්.
කොළඹ නාගරික කොට්ඨාසය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ අවධානයද යොමුව ඇති බවයි.