සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ නිවේදනයක් - කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලබා නොදෙන බව දන්වයි
2025(2026) අධ්‍යයන වර්ෂයට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2026 අප්‍රේල් 22 වනදා සිට මැයි 04 දින දක්වා පැවැත්වෙන බවට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, අපේක්ෂකයින් 162,587 දෙනෙකු සඳහා රට පුරා පරීක්ෂණ මණ්ඩල 1,198කදී මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන්.
41 - සංගීතය (අපරදිග) විෂයයේ ශ්‍රවණ පරීක්ෂණය 2026 අප්‍රේල් 26 දින එම විෂය ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථානවලදී පැවැත්වීමට නියමිතව ඇත.
40 - සංගීතය (පෙරදිග)
42 - සංගීතය (කර්ණාටක)
45 - නර්තනය (හරත)
51 - නාට්‍ය හා රංග කලාව (දෙමළ)
41 - සංගීතය (අපරදිග)
44 - නර්තනය (දේශීය)
50 - නාට්‍ය හා රංග කලාව (සිංහල)
52 - නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි)
ඉහත විෂයයන්හි අවසාන ප්‍රතිඵල නියම කිරීමට ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ දෙකම අනිවාර්ය වන බැවින්, එම කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට අදාළ විෂයේ ප්‍රතිඵල ලබා නොදෙන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.
එසේම පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් විදුහල්පතිවරුන් වෙත යවා ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට ඒවා තම ලිපිනයට තැපැල් කර යවා ඇති අතර අද (10) සිට නිල වෙබ් අඩවිය www.doenets.lk ඔස්සේද ප්‍රවේශ පත්‍ර බාගත කරගත හැකි බව දන්වා ඇත.
එමෙන්ම ප්‍රවේශ පත්‍රවල දෝෂ හෝ සංශෝධන අවශ්‍යතා ඇත් නම් වහාම විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන මෙන් ද අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.