ඇපල් සමාගමට අභියෝගයක් වූ Nvidia සමාගමේ පෙරළිය..
By Piyumika
ලෝකයේ වටිනාම සමාගම බවට Nvidia සමාගම පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් වේ.
එහි කොටස් වටිනාකම ඊයේ (18) ඉතිහාසයේ වැඩිම අගය වාර්තාකර තිබුණි.
එම සමාගමේ කොටසක වටිනාකම ඊයේ 3.5%කින් ඉහළගිය අතර එහි අගය දැක්වුණේ ඩොලර් 136ක් ලෙසට ය.
මේ මස ආරම්භයේදී Nvidia සමාගම, ඇපල් සමාගමේ වටිනාකම අභිබවා ගියේය.
කෘත්‍රීම බුද්ධිය භාවිත කෙරෙන මෙවලම් සඳහා අවශ්‍ය පරිගණක චිප් Nvidia සමාගම විසින් නිපදවනු ලබයි. එහි නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.
එම සමාගමේ වර්තමාන වටිනාකම සඳහන් වන්නේ ඩොලර් ට්‍රිලියන 3.34ක් ලෙසටයි.
Nvidia අමෙරිකානු බහුජාතික සමාගමකි. එහි මූලස්ථානය කැලිෆෝනියාවේ පිහිටා ඇත .