රාජකාරියට වඩා නින්ද ලොකු උන කොස්තාපල්වරයා ..

Sri Lanka Police Sri Lanka
By Piyumika Jun 19, 2024 05:22 AM GMT
Piyumika

Piyumika

Report

කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරී යෙදී සිටි නිලධාරියා නිදාගෙන සිටියදී අවදි කළ බව කියන සිද්ධියකට උරනව තවත් කොස්තාපල්වරයෙකුට පිස්තෝලයකින් වෙඩි තැබීමට තැත් කලයි කියන සිද්ධියක් වාර්තා වී ඇත.

එම සිද්ධියට සම්බන්ධයෙන් උප සේවක රාජකාරියේ සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පැවසීය .

එකම පවුලේ අය මුහුණු දුන් බිහිසුණු අනතුර..(PHOTOS)

එකම පවුලේ අය මුහුණු දුන් බිහිසුණු අනතුර..(PHOTOS)

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරියේ යෙදී සිටි අවුරුදු විසි තුනක කොස්තාපල්වරයකි.

පැමිණිල්ලක් කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනකු අළුයම 5.40 ට පමණ කහ තුඩුවට පොලිසියට පැමිණ තිබූ අතර එහිදී උප සේවක රාජකාරියේ කටයුතු කළ කොස්තාපල්වරයා රාජකාරී පුටුවේම නිදාගෙන සිට ඇත.

එම අවස්ථාවේදී දුරකථන ක්‍රියාකරු ලෙස සේවය කළ කොස්තාපල්වරයෙකු විසින් උප සේවක රාජකාරියේ සිටි නිලධාරියා අවදි කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තාඹුගලට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍යලු..

තාඹුගලට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍යලු..

පසුව දුරකථන ක්‍රියාකරු ලෙස සිටි කොස්තාපල්වරයා අවශ්‍යතාවක් සඳහා තනිව බට නිවාසයට ගොස් තිබූ අතර එම අවස්ථාවේදී උප සේවක ලෙස රාජකාරී කළ කොස්තාපල්වරයා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ද රැගෙන පරුස වචනයෙන් බැණ වදිමින් එම නිලධාරියා දෙසට ගිනි අවිය එල්ල කර ඇති බවයි පොලිසිය පවසා සිටියේ .