ජනාධිපති අනුර කුමාර දිසානායක අද නුවරඑළියට පැමිණෙයි - මෙන්න හේතුව
අද (11) නුවරඑළියේදී විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ව ඔහුගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇත.
මලෛගම් ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන සමාජ ගැටලුවක් ලෙස විෂ මත්ද්‍රව්‍ය උවදුර හඳුනාගෙන ඇති බවත් සියලු පාර්ශව ඒකාබද්ධ කරගත් පුළුල් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් මගින් එම ජනතාව ඉන් මුදාගෙන ඔවුන් සමාජ සහ ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තැබීම මෙහි අරමුණ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.
විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වලදී සක්‍රීය දායකත්වයක් ලබා දුන් පොලිස් නිලධාරින් 62දෙනෙකු ඇගයිමට ලක් කිරීමද මෙහිදී සිදු කිරීමට නියමිතව ඇත.