ඩොලර් ගලායෑම නවත්වන්න නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක්

Report

නුවරඑලිය දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක් නිෂ්පාදනය කරමින් දේශීය කිරි කර්මාන්තය සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මංජුල සුරවීරආරච්චි මහතා ප්‍රකාශ කළේය.

මෙම අදහස් ඔහු පළ කළේ බගවන්තලාව ප්‍රදේශයේ කිරි ගොවීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මිල්කෝ ආයතනය සංවිධානය කළ සාකච්ඡාවකට එක්වෙමිනි. එම සාකච්ඡාව බගවන්තලාව නගරයේ පෞද්ගලික උත්සව ශාලාවකදී පැවැත්විණි.

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම මඟින් ආනයනික කිරිපිටි සඳහා විදේශ රටවලට ගලා යන විශාල ඩොලර් ප්‍රමාණය අවම කළ හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට නුවරඑලිය කිරි ගොවීන්ගෙන් සැලකිය යුතු සහයෝගයක් ලැබෙන බවද ඔහු පැවසීය.

පවතින සීමිත පහසුකම් යටතේ වුවද නුවරඑලිය දිස්ත්‍රික්කයේ කිරි නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මිල්කෝ ආයතනය අවධානය යොමු කර ඇති බවද ඔහු කියා සිටියේය.

වාහන ආනයනයට ගැසූ 50% බද්දට අලි සබ්රිගෙන් කොළ එළියක්

වාහන ආනයනයට ගැසූ 50% බද්දට අලි සබ්රිගෙන් කොළ එළියක්

පසුගිය සමයේ මිල්කෝ ආයතනය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමේ සැලසුම් පැවති බවත්, වත්මන් රජය එය වළක්වා මේ වන විට මිල්කෝ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කර ඇති බවත් මංජුල සුරවීරආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා මිල්කෝ සමාගමේ නියෝජ්‍ය සභාපති වෛද්‍ය ගමගේ මහතා, කිරි සැපයුම් හා සංවර්ධන කළමනාකාර අඹේකෝන් මහතා, පළාත් කළමනාකාර හපුහින්න මහතා සහ සහකාර පළාත් කළමනාකාර දසනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

නව ආදායම් මාර්ග මතුවෙන කිරි පැණියෙන් උතුරන අද ලග්න පලාපල

නව ආදායම් මාර්ග මතුවෙන කිරි පැණියෙන් උතුරන අද ලග්න පලාපල

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්