මාලිමාව ඉවරයි අගරදගුරු කටඅරියි
ජනතාවගේ ජන වරමින් බලයට පත් ජාතික ජන බලවේගය මේ වන විට කියූ ප්‍රතිපත්තිවත් හරියට ඉෂ්ට කරගන්න බැරුව අසාර්ථක වී ඇති බව කාදිනල් හිමි පවසයි. උන්වහන්සේ සඳහන් කරන ආකාරයට මේ ආණ්ඩුව බලයට එන්න කලින් පොරොන්දුවක් වුණා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට නිසි දඬුවම් ලබා දෙනවා කියන දේ සම්බන්ධයෙන්.
නමුත් අද වන විට ඔවුන්ට ඒ මීට වසර හයකට පෙර සිදුවූ භයානක ප්‍රහාරය පිළිබඳව කොතරම් කතා කළත්, කිසිදු සරල වැඩ පිළිවෙලක්වත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති අතර දුන් පොරොන්දු තවමත් ඉටුවී නොමැති බවට උන්වහන්සේ චෝදනා කරයි.පසුගිය මැතිවරණ සමයේදීත් බොරුවට මිනිස්සුන්ගේ නම් කියලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි ඔවුන් ජනතාව බොරුවෙන් මුලා කරත් මේ වන විට ජනතාව ඒවාට රැවටෙන්නේ නැත.
වැඩිදුරටත් අදහස් දක්වන උන්වහන්සේ සඳහන් කළේ,
" මීට වසර හයකට පෙර සිදුවූ භයානක ප්‍රහාරය පිළිබඳව කොතරම් කතා කළත්, “ඒ කතන්දරය ඉවර වෙන්නේ නෑ වගේ මේ වැඩ පිළිවෙල පිටුපස්සේ ක්‍රියාත්මක වුණු කණ්ඩායම කවුද කියලා හොයාගන්නට තාමත් අපට බැරි වෙලා තියෙනවා තාමත් බෑ ඒක හොයාගන්න මෙච්චර උත්සාහ කරලත් ඕක හොයාගන්න බැ අවුරුදු හයක් තිස්සේ ඕනෑවට එපාවට ඒ වැඩේ කරනවා නම් අපි ඒ මිනිස්සුන්ගේ ජීවිත වලට කරන්නේ අගෞරවයක්."
යනුවෙනි.
