ආණ්ඩුවෙන් NPP කණ්ඩායමක් සල්ලි ඉල්ලුවොත් ඇස් පියන් ඒක අනුමත කරනවා - ජනපති

Report

 නගර සභාවේ හෝ ප්‍රාදේශී සභාවේ මුදල් ප්‍රමාණවත් නොවන අවස්ථාවක සංවර්ධන කටයුතු සඳහා මුදල් මහ ආණ්ඩුවෙන් ලබා දෙන නමුත් ඒ සඳහා සංවර්ධන යෝජනා ඉදිරිපත් කරන්නේ ජාතික ජන බලවේගයෙන් ද වෙනත් පාර්ශවයක් විසින් ද යන්න සම්බන්ධව සැලකිලිමත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක (17) මන්නාරමේ පැවති ජන හමුවක දී පැවසුවේය.

තත්පරයකට දස දෙනකුට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව

තත්පරයකට දස දෙනකුට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව

පුංචි ඡන්දය ඉලක් කර ගනිමින් මන්නාරමේ පැවති ජන හමුවක් අමතමින් ඔහු පැවසුවේ සංවර්ධන කටයුතුවලට මහ ආණ්ඩුවෙන් මුදල් ලබා ගැනීම සඳහා අදාල යෝජනාවලිය එවන්නේ ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතනයක් නම් ඇස් පියාගෙන ඒ මුදල් අනුමත කරන බවත් වෙනත් දේශපාලන කණ්ඩායමක් නම් ඒ සම්බන්ධව දහ වරක් කල්පනා කරන බවත්ය.

හේතුව ඔවුන්ගේ කණ්ඩායම් කිසිම මූල්‍ය වංචාවන් විනිවිද භාවයකින් එම මුදල් ලබාදීමට හැකිබවයි. මහ ආණ්ඩුව සොරකම් කරන්නේ නැතිනම්, මහ ආණ්ඩුව නාස්ති කරන්නේ නැතිනම් එසේ ප්‍රවේසම් කළ ජාතික ධනය හොරකම් කිරීම හෝ නාස්ති කිරීම සඳහා පලාත් පාලන ආයතනවලට එවන්නේ නැති බවත්, සංවර්ධන කටයුතු කඩාකප්පල් කර ආණ්ඩුවේ ගමනට කකුලෙන් ඇදීම සඳහා එම මුදල් එවන්නේ නැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

වසර 16කට පසු පුන පුනා බලා සිටි සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ

වසර 16කට පසු පුන පුනා බලා සිටි සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ

අවසානයේ ඔහු සඳහන් කළේ ප්‍රාදේශීය සභා බලය NPP අතට ලබා දුන්නොත් සිතාගැනීමට නොහැකි සංවර්ධනයක් සිදු කිරීමට ඔවුන් කැපවී සිටින බවයි.