පහත්බිම්වල අවට ජනතාවට දැනුම්දීමක්.
By Piyumika
අධික වැසි සමග කැළණි, කළු, ගිං, සහ නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියා.
එමෙන්ම ඉදිරි කාලසීමාව තුළදී සැළකිය යුතු වර්ෂාවක් ලැබුණෙහොත් ජල ගැලීම් තත්වයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දුන් අතර ඒ හේතුවෙන්, පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර පවසනවා.
......................................