ඉරාන ජනපතිගේ මියයාම තහවුරු වීමත් සමඟ අන්තර්වාර ජනපති ගැනත් එළියට ආ අලුත්ම තොරතුරු. - (VIDEO)

Report

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි ඉරාන බලධාරීන් තහවුරු කර ඇති බව රොයිටර්ස් මාධ්‍ය ජාලය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් ඇති බවයි.

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO)

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO)


අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර ඇති අතර කලාපයේ පැවැති අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්ව තිබෙනවා.

බස්නාහිර ඉන්න අයත් පරිස්සමෙන්. - ප්‍රදේශ රැසකට කාලගුණයෙන් රතු නිවේදනයක්.

බස්නාහිර ඉන්න අයත් පරිස්සමෙන්. - ප්‍රදේශ රැසකට කාලගුණයෙන් රතු නිවේදනයක්.


මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මිය යෑමත් සමඟ ඉරානයේ අන්තර්වාර ජනපති දිවුරුම් දීමට ද නියමිත බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ජනපතිවරයෙක් පත් කෙරෙන අතර එම තනතුරට පත්කෙරෙන්නේ එරට මේ වනවිට "පළමු නියෝජ්‍ය ජනාධිපති" ලෙස කටයුතු කරන පුද්ගලයායි.

මේ වනවිට එම තනතුර දරනු ලබන්නේ 68 හැවිරිදි මොහම්මඩ් මොක්බර් ය.

ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වෙතැයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔහුද අයත් වන ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් දින 50ක් තුළ නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ යුතු අතර එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වන්නේ පාර්ලිමේන්තුවේ කථානායක සහ අධිකරණයේ ප්‍රධානියායි.