අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට නිවේදනයක්

Report

 දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (14) උදෑසන ගාල්ල දෙසට ගමන් ගන්නා මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

මෙම රථවාහන තදබදය හටගෙන ඇත්තේ ගැලනිගම සහ දොඩන්ගොඩ අන්තර් හුවමාරු අසලයි.

මෙම තත්ත්වයට හේතුව උත්සව සමය වෙනුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන පිරිසගේ ඉහළ යෑමක් දක්නට ලැබීමයි.

චෙන්නායි නායකයා වෙනුවට 17 හැවිරිදි ආයුෂ් සංචිතයට කැඳවයි

චෙන්නායි නායකයා වෙනුවට 17 හැවිරිදි ආයුෂ් සංචිතයට කැඳවයි

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ.ඩි කහටපිටිය මහතා සඳහන් කළේ අධිවේගී මාර්ග භාවිත කිරීමේදී රියදුරන් වැඩි සැලකිල්ලක් මෙම කාලය තුළ දැක්විය යුතු බවයි.

එසේම දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුලු අධිවේගී මාර්ගහි රිය ධාවනයේදී වේග සීමා පිලිබඳ සැලකිලිමත් වන ලෙසද අධිවේගී මාර්ග අධ්‍යක්‍ෂ සියලු රියදුරන්ගෙන් ඉලා සිටිනවා.

මාර්ග අධ්‍යක්ෂවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අධිවේගී මාර්ගයන්හි තැන තැන වාහන නවත්වා සෙල්ෆි ඡායාරූප ගැනීම හෝ අල්ලාප සල්ලාපයේ යෙදීම වැනි කටයුතු වලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසත් අධිවේගී මාර්ගයන්හි සියලු නීති රකින ලෙසයි. 

අවුරුද්දේ නීති විරෝධී මත්පැන් වැටලීමට සුරාබදු නිලධාරින් 900ක්

අවුරුද්දේ නීති විරෝධී මත්පැන් වැටලීමට සුරාබදු නිලධාරින් 900ක්