අවුරුද්දේ නීති විරෝධී මත්පැන් වැටලීමට සුරාබදු නිලධාරින් 900ක්
සිංහල අලුත් අවුරුද්ද උදා වීමත් සමගම රට පුරා නීති විරෝධි මත්පැන් වැටලීම් සිදුකරනු ලබනවා.
ඒ සඳහා සුරාබදු නිලධාරීන් 900කට ආසන්න පිරිසක් යොදවා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනම ආවරණය වන පරිදි සුරාබදු ස්ථාන 58ක්, විශේෂ මෙහෙයුම් ඒකක 05ක්, සහ සුරාබදු නිලධාරීන් 900කට ආසන්න පිරිසක් එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.
සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ වළක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා මහජනතාව විසින් ලබා දෙන පැමිණිලි මහත් පිටුවහලක් වන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.