අම්බුළුවාව පරිසර කලාපයේ ඉදිකිරීම් සියල්ල නවත්වන්නැයි නිල දැනුම්දීමක්
පරිසර අමාත්‍යාංශය විසින් අම්බුළුවාව පරිසර කලාපය තුළ සිදුවන සියලුම ඉදිකිරීම් කටයුතු නැවත දැනුම් දෙන තුරු වහාම අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ අම්බුළුවාව කන්ද ආශ්‍රිතව මතුව ඇති අවදානම් තත්ත්වයන් (විශේෂයෙන් බිම් කඳුළු ආදිය) පිළිබඳ විශේෂඥයින්ගෙන් විධිමත් තාක්ෂණික වාර්තාවක් ලබාගෙන අවදානම් මට්ටම තීරණය කරන තුරු බව අමාත්‍යාංශය පවසනවා.
පසුගිය ජනවාරි 9 වැනිදා නිකුත් කළ නිවේදනයකට අනුව, මධ්‍යම පරිසර අධිකාරිය වෙත මෙම උපදෙස් ලබාදී තිබෙන අතර, විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී තිබෙනවා.
අම්බුළුවාව පරිසර කලාපයේ පාලනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් මෑතකදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඉදිරි දින කිහිපය තුළ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් එක්ව ඒකාබද්ධ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් සිදුකිරීමට ද සැලසුම් කර තිබෙන බව අමාත්‍යාංශයේ නිවේදනයේ සඳහන්.
මෙම තීරණය මගින් අම්බුළුවාවේ පරිසර ආරක්ෂාව, ජෛව විවිධත්වය සහ ආරක්ෂාව ඉහළින් තබාගැනීමට බලාපොරොත්තු වෙනවා. විශේෂඥ වාර්තාව මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.