ගමන් බලපත්‍ර සේවා සීමා කිරීම පිළිබඳ දැනුම්දීම

Report

එළැඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් 2025 මැයි 05, 06 සහ 07 යන දිනවලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව සහ සාමාන්‍ය සේවාවන් සීමා කිරීමට සිදුවන බව එම නිවේදනයේ දැක්වේ.

මේ හේතුවෙන්, එක්දින සේවාව යටතේ ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී අත්හිටුවන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී ඇත.

සබරගමුවේ නවක වද සිද්ධිය ගැන පරීක්ෂණ CIDයට

සබරගමුවේ නවක වද සිද්ධිය ගැන පරීක්ෂණ CIDයට

පළාත් පාලන ඡන්දයට විදෙස් නිරීක්ෂකයින් නෑ - ට්‍රම්ප් නිසා මුදල් ප්‍රශ්නලු

පළාත් පාලන ඡන්දයට විදෙස් නිරීක්ෂකයින් නෑ - ට්‍රම්ප් නිසා මුදල් ප්‍රශ්නලු