රුපියල් 5000හේ නෝට්ටුව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට දැනුවත් කිරීමක්
කළුතර උතුර නාගස් හන්දිය ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු පහක් සන්තකයේ තබාගෙන සිටි අඹුසැමි යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (09) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
කළුතර නගරය සහ ඒ අවට ප්‍රදේශවල ව්‍යාජ මුදල් බහුලව සංසරණය වන බවට බස්නාහිර පළාත් බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.
පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට පත් මෙම යුවළ මීට පෙරද ව්‍යාජ මුදල් සන්තකයේ තබාගැනීම, මුද්‍රණය කිරීම ඇතුළු චෝදනා මත අගලවත්ත, කළුතර උතුර, කළුතර දකුණ වැනි පොලිස් ස්ථාන කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් බවයි.
කිතුලාව ප්‍රදේශයේ පදිංචි මෙම අඹුසැමි යුවළ වයස අවුරුදු 50 සහ 49 අතර පසුවන බවද සඳහන් වේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් හොරණ, පොල්ගහවෙල, කළුතර, මතුගම, පානදුර ඇතුළු ප්‍රදේශ රැසකදී මෙම ව්‍යාජ මුදල් භාවිත කර භාණ්ඩ මිලදීගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර අඹුසැමි යුවළ අද (10) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.