මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන සමාගම ගැන විශ්වාසයක් නෑ..

Anura Kumara Dissanayaka Sri Lanka Government Of Sri Lanka
By Piyumika Nov 01, 2024 02:08 AM GMT
Piyumika

Piyumika

Report

 මත්පැන් බෝතල මත අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව මත්පැන් නිෂ්පාදන සමාගම් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සමග මත්පැන් නිෂ්පාදන සමාගම් පෙරේදා (30 වැනිදා) පැවැත්වූ සාකච්ජාවකදී මේ බව දැඩි වශයෙන් අනාවරණය කර ඇත්තේ මෙරට ප්‍රධානතම මත්පැන් නිෂ්පාදන සමාගමක් හා බීර නිෂ්පාදන සමාගමක් විසිනි.

දෙවියනේ.!.ගත වූ පැය 24ක කාලයට මෙච්චර ප්‍රමාණයක්..

දෙවියනේ.!.ගත වූ පැය 24ක කාලයට මෙච්චර ප්‍රමාණයක්..

විශ්වාසයක් නොමැති සමාගමකින් ස්ටිකර් ලබා ගැනීම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් යටතේ විශ්වාස කළ හැකි සමාගමකින් ස්ටිකර් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඔවුන් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවැරදි ස්ටිකර් රටපුරා ඇති බවද, නිෂ්පාදන සමාගම් පෙන්වා දී තිබේ. එවැනි ව්‍යාජ ස්ටිකරයක් රුපියල් හැත්තෑ පහකට ලබාගත හැකිය.

ව්‍යාජ ස්ටිකර් අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරින්ද මැළිකමක් දක්වන බවද නිෂ්පාදන සමාගම් පෙන්වා දී ඇත.

බස් රථයක් හා ලොරි රථයක් ගැටී බිහිසුණු අනතුරක්..16 දෙනෙකු රෝහල් ගත කරයි..

බස් රථයක් හා ලොරි රථයක් ගැටී බිහිසුණු අනතුරක්..16 දෙනෙකු රෝහල් ගත කරයි..

මේ අතර සෙවනගල හා පැල්වත්ත සීනි කර්මානත්ශාලාවල එකතු වී ඇති එතනෝල් කඩිනමින් ලබා ගන්නා ලෙසට ජනාධිපති ලේකම්වරයා කළ ඉල්ලීම නිෂ්පාදන සමාගම් ප්‍රතික්ෂේප කර තිබිණි.

එතනෝල් ලීටර් මිලියන තුනක් මෙලෙස ගොඩ ගැසී ඇත. මෙම එතනෝල් ලබා ගැනීම සඳහා වූ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (01 වැනිදා) පැවැත්වීමට නියමිතය.

හදිසියේම මුහුදු මත්සයන් වෙරළට ගොඩ ගසයි..භයානක තත්වයක පෙරනිමිත්තක්ද..

හදිසියේම මුහුදු මත්සයන් වෙරළට ගොඩ ගසයි..භයානක තත්වයක පෙරනිමිත්තක්ද..

මෙම සාකච්ඡාව සඳහා මෙරට ප්‍රධානතම මත්පැන් නිෂ්පාදන සමාගම් පහේ ප්‍රධානීන් හා පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්තශාලාවල පාලන අධිකාරිය කැඳවා ඇත.

පැවැති ආණ්ඩුව විසින් උක් ගොවීන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව රුපියල් 10000 ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් එම මුදල් සපයා ගැනීමට ගොඩ ගැසී ඇති එතනෝල් කඩිනමින් අලෙවි කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත.

ReeCha