මාස හයකින් මොකුත් කරන්න බෑ.. බොරුවට හූනු බිජුවත් ඉල්ලන්න එපා..- ජනපති සැර වෙයි!

Report

ශ්‍රී ලංකාවේ එකම දේශපාලන බලවේගය ජාතික ජන බලවේගය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ගාලුමුවදොර මැයි දින රැලියේදී ඔහු කියා සිටියේ ප්‍රතිවාදී කණ්ඩායම් දේශපාලන ව්‍යාපාර නොව, කුණු ගොඩවල් පමණක් බවයි.

ජාතික ජන බලවේගයට බාහිර අභියෝග නොමැති බවත්, අභියෝග එම පක්ෂය තුළ පමණක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය කියන කතාව

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය කියන කතාව

මාස හයකින් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බවත්, නිසි සැලැස්මකින් රට ඉදිරියට ගෙන යාමට රජය ශක්තිමත් අඩිතාලමක් සකස් කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

“වෘත්තීය සමිති පරණ ආකල්ප අත්හරින්න. හූනු බිජු ඉල්ලා සටන් කිරීමේ යුගය අවසන් කරන්න. දේශපාලන අධිකාරිය බොහෝ දේ අත්හැර ඇතත්, වෘත්තීය සමිති හැම දේම ඉල්ලීමෙන් වළකින්න.

අපට කාලය දෙන්න. ඔබේ ඉල්ලීමකින් තොරව අපි මූලික වැටුප, ආපදා දීමනා, ණය සහ අතිරේක දීමනා වැඩි කළා.

නමුත් සුළු ගැටලුවකට එල්ලී සටන් කිරීම යුක්තිසහගත නොවේ. අද අපට ඇත්තේ රට ගොඩනැගීමට මැදිහත් වන, ඉදිරියට ගෙන යන ව්‍යාපාරයක්. වෘත්තීය සමිති පැරණි ආකල්ප ඉවත් කර, අලුත් ආකල්පයකට එළඹිය යුතුයි.

ජීවිත තර්ජනයක් ද? - ජනපති නගින වේදිකාව ෆොටෝ ගත් අයෙක් අත්අඩංගුවට!

ජීවිත තර්ජනයක් ද? - ජනපති නගින වේදිකාව ෆොටෝ ගත් අයෙක් අත්අඩංගුවට!

අද ඇත්තේ ශක්තිමත් රාජ්‍ය සේවයක් මත රට ගොඩනැගීමට විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.