හැමෝම එක පෝලිමේ - දළදා වන්දනාවට VIP/ VVIP පෝලිම් නෑ

Report

"සිරි දළදා වන්දනාව" සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP ලෙස ප්‍රභූවරුන් සඳහා විශේෂ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ පවසයි.

අද (17) සවස පැවති "සිරි දළදා වන්දනාව" බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන කළමනාකරණය පිළිබඳ පොලිසියේ විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

කෙසේ වුවත්, ස්වාමින් වහන්සේලාගේ සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බවත්, ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් සපයන බවත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සඳහන් කළේය.

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

එසේම, විදෙස් තානාපතිවරුන් වැනි ප්‍රභූවරුන් විශේෂ පරීක්ෂාවකට ලක් කර, මහජනතාවට දළදා වන්දනාව ආරම්භ වීමට පෙර දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දළදා වන්දනාවේදී බැතිමතුන්ට සියයට 98ක පමණ ප්‍රමුඛත්වය ලබාදී ඇති බවත්, උදෑසන කිරි ආහාර පූජාව සඳහා පැමිණෙන බැතිමතුන්ට කිසිදු බාධාවකින් තොරව වන්දනාමාන කළ හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ලංකාවට සොරි - ට්‍රම්ප්ගෙන් බද්දෙන් නිදහස් වෙන රටවල් ලිස්ට් එකේ ලංකාව නෑලු!

ලංකාවට සොරි - ට්‍රම්ප්ගෙන් බද්දෙන් නිදහස් වෙන රටවල් ලිස්ට් එකේ ලංකාව නෑලු!

එහෙත්, එම සියලු දෙනා උදෑසන 10.30 වන විට දළදා මාළිගයෙන් පිටවිය යුතු බව ඔහු අවධාරණය කළේය. දළදා වන්දනාව සඳහා පෝලිම් තුනක් සකස් කර ඇති අතර, පිටවීම සඳහා පෝලිම් දෙකක් භාවිතා කරන බවත්, පිරිකර රැගෙන ඒමෙන් බැතිමතුන්ට අපහසුතාවයක් විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

පෝලිම්වල සිටින බැතිමතුන් වීඩියෝ ගත කරන බැවින්, කිසිවෙකුටත් "අස්සෙන් රිංගීමට" ඉඩක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ තවදුරටත් පැවසීය.

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්